Monday 6 November 2017

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (3) මුහුණු පොත ගැන පර්යේෂණ


අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (3) මුහුණු පොත ගැන පර්යේෂණ 
ශ්‍රී ලංකාවේ රජයේ ගුරුවරු Government teachers Sri Lanka යන කණ්ඩායමේ සාමාජිකත්වය පිරිනැමීම පිළිබද පළමු ව නුවන් ද සිල්වා මහතාට තුති පුදමි.

පර්යේෂණයට ළැදි අයකු ලෙස, විවිධ පාඨමාලා අවශ්‍යතා සදහා පාඨමාලා හදාරන අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරුන් ඇතුඵ සාමාජිකයන්ට, මුහුණු පොත ගැන කළ හැකි පර්යේෂණ ගැන ඉගි මෙසේ ලබා දෙමි. පළමු ව මේ කණ්ඩායමට අදාළ ව කළ හැකි පර්යේෂණ බලමු. මේ සදහා සියලු ම පෝස්ට් හෝ කිසියම් නිශ්චිත කාලයකට (උදා- මාසයකට) අදාළ පෝස්ට් ගත හැකි ය.
පෝස්ට් දමන අයගෙන් කී දෙනකු තමා ම නිර්මාණය කළ පෝස්ට් දමන්නේ ද? අන් අයගේ පෝස්ට් කී දෙනකු දමන්නේ ද?
පෝස්ට්වලට ලැබෙන ප්‍රතිචාර සහ ප්‍රතිචාර ගණන ඒ ඒ පෝස්ට් අනුව වෙනස් වන්නේ කෙසේ ද?
පෝස්ට් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කුමන පැතිවලට සම්බන්ධ ද?
   o උදා- 1) පුද්ගලයන් (ගුරුවරුන් -විදුහල්පතිවරුන් - ශිෂ්‍යයන්- අධ්‍යාපන ඇමති- )
   o උදා- 2) සිද්ධි (පාසලක වන සිද්ධි- අධ්‍යාපන කාර්යාලයක වන සිද්ධි-)
   o උදා- 3) ගැටලුවලට විසදුම් අපේක්ෂිත (නිවාඩුවල ස්වභාවය- අනුයුක්ත කිරීම් අවසන් ද?-)
   o උදා- 4) උසස් අධ්‍යාපනයට සම්බන්ධ (සයිටම්-)
   o උදා- 5) වෘත්තීය සමිතිවලට සම්බන්ධ
පෝස්ට්වලින් පිළිබිඹු වන අධ්‍යාපන ප්‍රතිපත්තියේ ස්වභාවය, එය සංශෝධනය විය අයුරු
පෝස්ට්වල භාෂා ශෛලි (ව්‍යාකරණ භාවිතය, භාෂා දෝෂ, භාෂාවෙන් හැගීම් පාලනය කරන අයුරු, සිංහල-ඉංග්‍රිසි මිශ්‍ර පද භාවිතය, අකුරු රටා-ප්‍රමාණ)
පෝස්ට්වල ඇති රූපවල -කාටුන්වල ශෛලි

වැඩි විස්තර පසුවට තබමින්, ඔබට මගේ මුහුණ පොතට හෝ http://godwinkodi.blogspot.com වෙත පිවිස මා ලියන 'අධ්‍යාපන පර්යේෂණ පිළිබද මිතුරු ශෛලියෙන්' යන ලිපි පෙළ ද අධ්‍යයනය කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි.

No comments:

Post a Comment