Thursday, 7 June 2018
අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (43) බුදු දහමින් පෝෂිත ව තිබූ නූතන පර්යේෂණ සංකල්ප
2018 මැයි මස 20 වන ඉරු දින කැනඩාවේ මිසිසාගා උපනගරයේ පිහිටි බෙෘද්ධ විහාරයේ වෙසක් උත්සවය පැවැත්විණි. නියමිත පෝය දින ආගමික වැඩසටහන්, ඉරු දින පවත්වනුයේ, පෝය දින නිවාඩු නො ලබන කැනඩා ජාතිකයන්ට සහභාගි වීමේ පහසුව නිසා ය. 19 වන දින ශ්‍රී ලංකාවේ සිට පැමිණ මඳක් වෙහෙස ගතියක් දැනුනත්, උදේ 9.00 සිට සවස 8.00 දක්වා පැවති විවිධ වැඩසටහන්වලට සහභාගි වීමෙන් අපූරු තෘප්තියක් ලැබීමට එක් හේතුවක් වූයේ ආචාර්ය සරණපාල ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලැබූ ධර්ම දේශනාවේ දී අවධාරණය වූ නූතන පර්යේෂණ සංකල්ප සහ ඒවා බෙෘද්ධ දර්ශනයට සම්බන්ධ වූ ආකාරය පිළිබඳ ගැඹුරු විග්‍රහ නිසා ය. ඒවා මෙසේ කෙටියෙන් දක්වමි.
• සුසමාදර්ශ පිණුම (Paradigm Shift)- උදාහරණය මෙසේ ය. සිද්ධාර්ථ කුමරු සිරුරට දුක්දීමේ සාම්ප්‍රදායික ක්‍රමය හෙවත් බාහිර දෑ කෙරේ තිබූ විශ්වාසය (Extrovert) අත හැර, ආනාපාන සති භාවනාව මුල් කර ගත් මනස අභ්‍යන්තරය (Introvert) කෙරේ යොමු වූ ක්‍රම වේදය තෝරා ගැනීම
• ප්‍රත්‍යවේක්ෂණය (Reflection)- ක්‍රියාමූලික පර්යේෂණයේ දී ද අප භාවිත කරන සංකල්පයකි.
• අප අන් අය ගැන නො ව, අප ගැන ම පර්යේෂණ කළ යුතු ය.- (We cannot conduct action research on others. We have to do action research on ourselves යන ක්‍රියාමූලික පර්යේෂණ ගැන S. Kemmis කළ ප්‍රකාශය මට මතක් වේ.
https://www.facebook.com/bhante.saranapala
Bhante Saranapala was live. යන මුහුණු පොත් පිටුවට ගොස් ඔබ සැමට සම්පූර්ණ ධර්ම දේශනාව ශ්‍රවණය කළ හැකි ය. (Dhamma talk in Sinhala 👌on “Paradigm Shift” -Buddha’s major contribution to the society for liberation from suffering 🙏 Live from West End Buddhist Temple and Meditation Centre, Mississauga/Toronto, Canada )
බංග්ලාදේශ ජාතික සරණපාල ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකාවේ දී ඉගෙන ගෙන මැනවින් සිංහල බස හසුරුවන, මහනුවර ද කලක් වැඩ සිටි ස්වාමින් වහන්සේ නමකි.
මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන විට, මා අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි විවිධ තලවලට පැවැත්වූ පර්යේෂණ වැඩමුඵවල අවධාරණය කළ තේමා, ඉදිරියේ දී තවදුරටත් ශක්තිමත් කර ගන්නට අවකාශ ලැබුණු බව ද සතුටින් පවසමි.
අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (42) ගීත පරිවර්තන කලාව සහ පර්යේෂණය
2015.7.7 වන දින පිටකොටුවේ ගුණසේන පොත්හලට ගොඩ වූ
විට "සිංහල අර්ථ
සහිත හද බැඳි භාරත ගී" නැමැති සංජය රංගලාල් නිශ්ශංක විසින් රචනා කරනු
ලැබූ කෘතිය ඇස ගැටුණි. ඒ වන විට වෙළෙඳ සැලෙහි තිබූ එක ම කෘතිය වහා මිලට ගතිමි.
පැරණි හින්දි ගීත 100ක් හින්දි භාෂාවෙන් ද හින්දි ගීවල පද සිංහල පදවලින් ද හින්දි
ගී පදවල සිංහල පරිවර්තනවලින් ද සමන්විත කෘතියේ විශේෂත්වය වනුයේ, නවීන තාක්ෂණය
පෙරටු කොට ගෙන, ගීත 100 ඇතුළත් කොට, පොත සමඟ MP3 සංයුක්ත තැටියක් ද ලබා දීම ය.
·
පොතේ මිල රුපියල් 800කි. මෙය ඉතා ඉහළ මිලක් යයි
කෙනකුට සිතෙන්නට පුඵවන. එහෙත් සරල ගණනය කිරීමකින් මේ මිල විග්‍රහ කර බලමු. ගීත
100ක් අඩංගු නිසා එක ගීයකට යන වියදම රුපියල් 8කි. ගීතයක් හින්දි බසින් ලියා, එය
සිංහලෙන් ශ්‍රවණය වන විදියත් ලියා, අනතුරු ව හින්දි බසින් සිංහලයටත් පරිවර්තනය කළ
කතුවර සංජය රංගලාල් නිශ්ශංක දැරූ ශාස්ත්‍රීය වෙහෙස ගැන මඳක් සිත යොමු කරන්න. එම
වෙහෙස රුපියල් 8කට සීමා කළ හැකි ද? මේ නව පර්යේෂණ ඇසින් පොත දෙස බලන මම සංජයගේ
ශාස්ත්‍රීය ව්‍යායාමය අතිශයින් අගය කරන්නට කැමැත්තෙමි.
·
Max Muller පැවසූ වටිනා
කියමනක් නම් -He who
knows one knows none- යන්නයි. මේ පදනම අනුව මහාචාර්ය සුචරිත ගම්ලත්
නිතර පැවසු කරුණක් නම්, එක භාෂාවක් පමණක් දන්නා පුද්ගලයා කිසි ම බසක් හරිහැටි නො
දන්නා බව ය. මේ පදනම මත ද සංජයගේ ද්විභාෂා ඥානය අගය කළ යුතු අතර ම, ව්‍යවහාරික ව
එම ඥානය භාවිතයෙන්, හින්දි ගීත සිංහල පාඨකයාට හදුන්වා දීමට ගත් තැත ද අගය කළ යුතු
ය.
·
ඕනෑ ම කෘතියක ආකෘතියත් අන්තර්ගතයත් සන්ධාර
විශ්ලේෂණ පර්යේෂණ ක්‍රමය (Content
analysis research)
පදනම් කර ගෙන විශ්ලේෂණය කළ හැකි ය. ආකෘතියට ඇතුළත් වනුයේ පොත සංවිධානය කර ඇති අයුරු ය. එහි දී පොත ලිවීමට
භාවිත කර ඇති පදවල සරල-සංකීර්ණ රටා, වාක්‍යවල දිග සහ භාවිත කර ඇති එක් එක් වාක්‍යවල
පදවල රිද්මීය ස්වභාවය,ඡේද බෙදා ඇති අයුරු, පිටුවල අන්තර්ගතය සංවිධානය කර ඇති
අයුරු, අකුරු ප්‍රමාණය යනාදී කරුණු විශ්ලේෂණය කළ හැකි ය. සංවිධානයට අදාළ ව මා මේ
කෘතියේ දුටු ලක්ෂණයක් නම්, පොතේ පිළිගැන්වීම ලියා ඇති රටාව, හින්දි ගීතයකට සමාන
වීම ය.
·
අන්තර්ගතය විශ්ලේෂණයේ දී, පළමු ව, පොත නිර්මාණය සඳහා ලේඛක සතු වූ අරමුණ
කුමක්දැයි හඳුනා ගත හැකි ය. මේ සමග ඇති 5-6 රූපවල ඇති පෙරවදනේ ලියා ඇති අදහස්වලින් කර්තෘගේ
දර්ශනය හඳුනා ගන්නට ඉඟි කීපයක් ලැබේ.
දෙවනු ව, තෝරා ගෙන පරිවර්තනය ව ඇති හින්දි ගීතවල අන්තර්ගත සංකල්ප මොනවා
දැයි හදුනා ගත හැකි ය. ගීත 100න් බහුතරය ප්‍රේම ගීත ය. ඒ හැර අවධාරණය වන දරු
නැළවිලි ගී, දේශාභිමානී ගී, ආගමික චින්තා වැනි අනිකුත් තේමා මොනවා දැයි විශ්ලේෂණය
කිරීමට හැකි ය.
·
ආකෘති සහ අන්තර්ගත විශ්ලේෂණය පදනම් කර ගෙන හෙළි
වන කරුණු අනුව, පර්යේෂකගේ පරිසරයට අවශ්‍ය වන පරිදි අර්ථනිරූපණ ද ගොඩනැගිය හැකි ය.
උදාහරණ තුනක් දෙමි.
o
1972 දී තිරගත වූ, ශෝර් චිත්‍රපටයේ ගීතයක පද
හතරක් මෙසේ ය (44 වන ගීතය). ලබාගත් දේ අත් හැරී යන්නේය. - අත්හැරුණු දේ යළි
ලැබෙන්නේය. - ජීවිතයේ යථාර්ථය වන්නේ, - පැමිණීම සහ නික්මීමයි. (එදිරිවීර සරච්චන්ද්‍ර
ලියූ මළගිය ඇත්තෝ නවකතාවේ ද මේ සංකල්පය ඇත්තේ ය. මෙතෙක් මා සිතා සිටියේ මෙය
සරච්චන්ද්‍රයන්ගේ නව අදහසක් බවයි. මේ ගීතයේ ද එකී සංකල්පය ඇති නිසා, සංකල්පයට අදාළ
ප්‍රාථමික මූලාශ්‍රය, ඉන්දියාවේ පවතී යැයි අනුමාන කළ හැකි ය. ඒ කුමක් දැයි නිශ්චිත ව සොයා යාමේ ලා පර්යේෂණයක්
කරන්නට හැකි ය).
o
43 වන ගීතය, 1960 දී තිරගත වූ ජිස් දේශ් මේ ගංගා
බැහැති හෑ(ං) චිත්‍රපටයෙනි. එහි මුල් ම පේළි හතර මෙසේ ය. "දෙතොල් අතරෙහි සත්‍යය රැඳුනා වූ
ද- හදවත්වල පවිත්‍ර බව රැඳුණා වූ ද-ගංගා නදිය ගලා යන්නා වූ ද-ඒ දේශයේ වැසියෝ අපි
වෙමු." (1. ශ්‍රී
ලංකාවේ රූපවාහිනී චැනල නරඹන විට, මහජන නියෝජිතයන් කියන දේ අසත්‍ය බව, ඔවුන්ගේ
හදවත් පවිත්‍ර නො වන බව, පක්ෂපාටවලින් මංමුලා ව සිටින මහජනයාට නො තේරෙයි. ඔව්හූ
සතුටින් රූපවාහිනී ප්‍රවෘත්ති සහ සාකච්ඡා නරඹති; තම පක්ෂවලට ආවඩති.)
o
51 වන ගීතයේ (ආරාධනා චිත්‍රපටය), "මැටියෙන් තැනූ පහනක් වුව ද -
දැල්වුව හොත් එළිය ලැබෙන්නේය."
යන පේළි දෙක, පාසල්වල 'මැට්ටන්' යයි කොන් කර ඇති ළමයින් ගැන ධනාත්මක ව බලන්නට භාවිත කළ හැකි අදහසකින් සරු
ය. ශ්‍රී ලංකාවට වැඩි ම ආදායමක් ලබා දෙන්නේ විභාගවලින් ඉහළ ම සාමර්ථ්‍යය
ලද්දන් නො ව, මැදපෙරදිග සේවය කරන සහ ඇඟඵම්
කම්මල්වල සේවය කරන විභාග අසමත් වූ 'මැට්ටන්' යයි නිගමනය කිරීමට, දත්ත එකතු කර විශ්ලේෂණය
කිරීම ද පර්යේෂණ ව්‍යයාමයකි.
·
මෙයාකාරයෙන් ගීතයක අන්තර්ගතයෙන් ඉස්මතු වන කරුණු
ඔස්සේ, ශ්‍රී ලංකාවට අදාළ සංසිද්ධි විශ්ලේෂණය ද සන්ධාර විශ්ලේෂණ පර්යේෂණයේ
පාර්ශ්වයකි.
·
ගීතවලට සම්බන්ධ සංගීත ස්වර ප්‍රස්තාර සහ තනු, භාරතීය
රාගධාරි සංගීතය සහ බටහිර සංගීත සම්ප්‍රදායවලින් පෝෂණය ව ඇති අයුරු ද ගායක
ගායිකාවන්ගේ ගායනා ශෛලි ද පදමාලාවෙන් මතු වන අදහස් උද්දීපනයට සමත් ව ඇති අයුරු ද
සන්ධාර විශ්ලේෂණයට බඳුන් කළ හැකි ය.
·
අවසන් වසයෙන් කිව යුත්තේ හින්දි ගීතවල සන්ධාර
විශ්ලේෂණයෙන්, ඉන්දීය ආධ්‍යාත්මය නිරූපණය වන අයුරු හඳුනා ගත හැකි බව ය.
අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (41) ප්‍රතිපත්ති පර්යේෂණ
ප්‍රතිපත්ති පාදක ඉදිරි දැක්මක් ශ්‍රී ලංකාවට අවශ්‍ය ව තිබේ. රටේ සංවර්ධනයට උචිත ප්‍රතිපත්ති හඳුනා ගැනීමට ප්‍රතිපත්ති පර්යේෂණ කළ හැකි ය. ප්‍රතිපත්ති පර්යේෂණවලට අදාළ නීති හතක් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි.
1. ප්‍රතිපත්ති මිස
දේශපාලනය විශ්ලේෂණය නො කරන්න. Rule 1: Analyze policy, not politics
2. සරල වන්න. Rule
2: Keep it simple
3. ප්‍රතිපත්තිය
සඳහා වන තර්කයත් ප්‍රතිපත්තියෙහි පදනම් රේඛාත් සංනිවේදනය කරන්න. Rule 3: Communicate reasoning as
well as bottom lines
4. ප්‍රතිපත්ති ලේඛනය සඳහා
අංක අඩුවෙන් භාවිත කරන්න. Rule 4: Use
numbers sparingly
5. ප්‍රතිපත්ති පහදා දෙනු
මිසක ඒවාට පක්ෂ ව කතා නො කරන්න. Rule 5: Elucidate, don't advocate
6. ප්‍රතිපත්තියෙන් ප්‍රතිඵල
ලබන්නන් සහ නොලබන්නන් හඳුනා ගන්න. Rule
6: Identify winners and losers
7. අනපේක්ෂිත ප්‍රතිඵල නො සලකා නො හරින්න. හෙවත් ප්‍රතිපත්තියෙන් ඇති විය හැකි ව තිබෙන, අපේක්ෂා නො කළ
නමුත් ඇති විය හැකි අනිසි ප්‍රතිඵල ගැන සැලකිල්ල යොමු කරන්න Rule 7: Don't overlook unintended
consequences
අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (40) සංජානනය සහ පර්යේෂණය
පර්යේෂණ කරන්නේ කුමකට ද? යන්න
සමහරුන්ගෙන් ඇසෙන ප්‍රශ්නයකි. "මා
සේවය කරන ස්ථානයට අදාළ සියලු
දේ මා දන්නවා නම්, ඒ කරන දේ ගැන කුමට පර්යේෂණ කරන්නේ ද?" යනු
ඒ සදහා නැගෙන තර්කයයි. මැලේ වීදියේ අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටි කාලයේ එහි සිටි සමහර උසස් නිලධාරින් මේ අදහස පළ කළ බව ආචාර්ය
එස්.බී. ඒකනායක මහතා වරෙක මට පැවසී ය. මේ හා සමාන අදහස් දරණ
නිලධාරිහූ අදටත් අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ව සිටිති.
පර්යේෂණ කිරීමට විවිධ හේතු තිබිය හැකි ය. එක හේතුවක් පමණක් පෙන්වමි. අප සංජානනය කරන දේ නිවැරදි ද යනු ගැන අපට ම ගැටලු මතු වන්නට පුඵවන. අධ්‍යාපන මනෝවිද්‍යාව උගන්වන විට සුලභ ව භාවිත කරන පළමු ව ඇති රූප හත දෙස බලන්න. ඒ රූපවලින් බැලූ බැල්මට දකින්නට ලැබෙන රූපය පමණක් දකින අධ්‍යාපන නිලධාරින්, පර්යේෂණ අනවශ්‍ය යයි කියන නිලධාරින්ට සම කළ හැකි ය. අප යමක් දුටු විට, වහා දකින දැයට අමතර ව, ගැඹුරින්- වැඩිදුර කල්පනා කර- විකල්ප රූප දකින නිලධාරින්ට පර්යේෂණ ඇසක් තිබේ.
ඕනෑ ම දෙයක් දෙස නව කෝණයකින් බලන විට, අමතර දර්ශන මතු වන බව මේ අනුව ඔබට පැහැදිලි වනු ඇත. අප එදිනෙදා කාර්යක්ෂම ව කරන කාර්ය දෙස වුණත් ගැඹුරින්- වැඩිදුර කල්පනාවෙන්-නව කෝණයකින් බලන විට අප නො සිතන දැ දකින්නට ලැබෙනු ඇත. පර්යේෂණ කිරීමේ අරමුණක් වන්නේ ද මේ නව දර්ශන සොයා බැලීම ය.
සරල නමුත් ගැඹුරු උදාහරණයක් ගනිමු. අපි ලෙඩුන්-මහල්ලන්-මළකඳන්- පැවිද්දන් කොතෙකුත් දැක ඇත්තෙමු. එහෙත් ඒ ගැන අමුතු දැක්මකින් බලන්නට පුරුදු වී නැත්තෙමු. අමුතු ඇසකින් මේ සිද්ධිය විශ්ලේෂණය කළ සිද්ධාර්ථ කුමාරයට, නව දර්ශනයක් සොයා ගැනීමට පදනම සකසා ගත හැකි විය.
දැන් මුහුණු පොතේ පළ වූ සිසුන්ට සහ ගුරුවරුන්ට සම්බන්ධ විවිධ රූප නවය විග්‍රහ කර බලන්න. ඒවායින් උත්පාදනය වන විකල්ප අදහස් ද විග්‍රහ කරන්න. 17 වන රූපයෙන් කඵලෑල්ල ගැන ගෙනෙන නව අදහස ද බලන්න.
පර්යේෂණ කිරීමට විවිධ හේතු තිබිය හැකි ය. එක හේතුවක් පමණක් පෙන්වමි. අප සංජානනය කරන දේ නිවැරදි ද යනු ගැන අපට ම ගැටලු මතු වන්නට පුඵවන. අධ්‍යාපන මනෝවිද්‍යාව උගන්වන විට සුලභ ව භාවිත කරන පළමු ව ඇති රූප හත දෙස බලන්න. ඒ රූපවලින් බැලූ බැල්මට දකින්නට ලැබෙන රූපය පමණක් දකින අධ්‍යාපන නිලධාරින්, පර්යේෂණ අනවශ්‍ය යයි කියන නිලධාරින්ට සම කළ හැකි ය. අප යමක් දුටු විට, වහා දකින දැයට අමතර ව, ගැඹුරින්- වැඩිදුර කල්පනා කර- විකල්ප රූප දකින නිලධාරින්ට පර්යේෂණ ඇසක් තිබේ.
ඕනෑ ම දෙයක් දෙස නව කෝණයකින් බලන විට, අමතර දර්ශන මතු වන බව මේ අනුව ඔබට පැහැදිලි වනු ඇත. අප එදිනෙදා කාර්යක්ෂම ව කරන කාර්ය දෙස වුණත් ගැඹුරින්- වැඩිදුර කල්පනාවෙන්-නව කෝණයකින් බලන විට අප නො සිතන දැ දකින්නට ලැබෙනු ඇත. පර්යේෂණ කිරීමේ අරමුණක් වන්නේ ද මේ නව දර්ශන සොයා බැලීම ය.
සරල නමුත් ගැඹුරු උදාහරණයක් ගනිමු. අපි ලෙඩුන්-මහල්ලන්-මළකඳන්- පැවිද්දන් කොතෙකුත් දැක ඇත්තෙමු. එහෙත් ඒ ගැන අමුතු දැක්මකින් බලන්නට පුරුදු වී නැත්තෙමු. අමුතු ඇසකින් මේ සිද්ධිය විශ්ලේෂණය කළ සිද්ධාර්ථ කුමාරයට, නව දර්ශනයක් සොයා ගැනීමට පදනම සකසා ගත හැකි විය.
දැන් මුහුණු පොතේ පළ වූ සිසුන්ට සහ ගුරුවරුන්ට සම්බන්ධ විවිධ රූප නවය විග්‍රහ කර බලන්න. ඒවායින් උත්පාදනය වන විකල්ප අදහස් ද විග්‍රහ කරන්න. 17 වන රූපයෙන් කඵලෑල්ල ගැන ගෙනෙන නව අදහස ද බලන්න.
අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (39) පර්යේෂණ ක්‍රම 53ක් ඉංග්‍රීසි අකාරාදි අනුපිළිවෙළට
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පර්යේෂණ සංස්කෘතියේ
ලක්ෂණයක් වනුයේ පර්යේෂණ ක්‍රම සීමිත සංඛ්‍යාවක් පමණක් පර්යේෂණ කිරීම සඳහා පදනම් කර
ගැනීම ය. විශ්වවිද්‍යාල තලයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පශ්චාද් උපාධිවල දී ද භාවිත
වනුයේ සීමිත පර්යේෂණ ක්‍රම ගණනකි. විශ්වවිද්‍යාලයක දර්ශනපති උපාධි අවශ්‍යතා සඳහා 1975-2013 කාලයේ
නිම කළ අධ්‍යාපන පර්යේෂණ නිබන්ධ 189ක අන්තර්ගතය විශ්ලේෂණයෙන් අනාවරණය වූයේ සමීක්ෂණ
පර්යේෂණ (59කි) ප්‍රධාන කොට ගත් පර්යේෂණ සම්ප්‍රදායක් පවතින බව ය
(1 වන රූපය බලන්න. මූලාශ්‍රය: අධ්‍යාපන පර්යාලෝක, 2016, 5 වන වෙඵම, අංක 1, 84
වන පිටුව). ඉතිහාස පර්යේෂණ 8කි. අනෙකුත් පර්යේෂණ ක්‍රම භාවිතය 5 වරකට වඩා
අඩු ය.
ලෝකයේ පර්යේෂණ සාහිත්‍යය අධ්‍යයනය
කරන විට හමු වන පර්යේෂණ ක්‍රම සහිත ලැයිස්තුවක් මේ සමග ඉදිරිපත් කරනුයේ අප යා යුතු
විවිධ මංපෙත් කොපමණ තිබේ දැයි පෙන්වා දීමට ය.
අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (38) අහම්බය සහ යථාර්ථය
කිසියම් කාර්යයක් ආරම්භ වන අවස්ථාවේ දක්නට ලැබෙන
අහම්බ ලක්ෂණවලට සම්බන්ධ පැතිකඩ, අනාගතයේ සැබවින් සිදු වන දැවලට සම්බන්ධ ලක්ෂණවල
පැතිකඩ නිරූපණය කරන්නේ ද? අනාවැකි කරන්නේ ද?
මේ අදහස මට ඇති වූයේ 2007 වර්ෂයට අදාළ ඡායාරූපයක් 2017 වර්ෂයේ දී
දක්නට ලැබුණු විට ය. 2017 ඔක්තෝබර් 29 වන දින ජාතික අධ්‍යාපන ආයතනයේ දර්ශනපති
උපාධියට තෝරා ගත් කණ්ඩායමේ ආරම්භක රැස්වීමේ ඡායාරූපය දෙස බලන්න. ඡායාරූපය සඳහා
කණ්ඩායම පෙළ ගැසුණේ අහම්බ ලෙස වන්නට පුඵවන. එහෙත් පශ්චාද් පාඨමාලාවේ කාර්යසාධනය
හෙවත් පාඨමාලාව සාර්ථක ව නිම කෙරුමට අවශ්‍ය නිබන්ධය නිම කිරීම සහ දර්ශනපති උපාධිය
ලැබීමේ රටාව දෙස බලන විට, මේ පෙළ ගැසීමට සම්බන්ධ අපූරු ලක්ෂණයක්-රටාවක් පසුකාලීන ව
ඉස්මතු වන්නට-තහවුරු වන්නට පටන් ගන්නේ ය.
කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් පළමු වරට දර්ශනපති
උපාධිය හිමි කර ගත්තේ, ඉදිරිපස පෙළෙහි දකුණු පසින් ම සිටින කෝකිලා ප්‍රියන්ති
මහත්මියයි. ඇය, ජාතික අධ්‍යාපන ආයතනයෙන් පිරිනමන උපාධි හෝ ඩිප්ලෝමා නො ලැබූ නමුත්
ඒ පදනම රහිත ව පාඨමාලාවට තෝරා ගත් එක ම අපේක්ෂිකාවයි. දැනට විශ්වවිද්‍යාලයවල පශ්චාද් උපාධිවලට සිසු
සිසුවියන් තෝරා ගැනීමේ දී, තම විශ්වවිද්‍යාලයයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මුල් තැන
දීමේ 'ගෝත්‍රික සම්ප්‍රදායයක්' පවත්වා ගෙන යනු දක්නට ලැබේ. ඒ සම්ප්‍රදායය අභිබවා කටයුතු කළ යුතු ව තිබෙන
බව ද කොකිලා ප්‍රියන්ති මහත්මියගේ ඉදිරි ගමනින් පැහැදිලි වේ.
දෙවනු ව දර්ශනපති උපාධිය හිමි කර ගත්තේ, ඇය අසල ම
වම් පසින් සිටින මල්කාන්ති කරුණාරත්න මහත්මිය සහ කොකිලාට පසුපසින් සිටින සුමිත්
පරාක්‍රමවංශ මහතා ය. තෙවනු ව, 2018 දී
දර්ශනපති උපාධිය හිමි කර ගත්තේ, මල්කාන්ති
ළඟ වම් පසින් සිටින කුමුදිනී පනාගොඩ මහත්මියයි.
පාඨමාලාව ආරම්භ කිරීමට සහ ඇරඹීමට පදනම දැමූ
(නිර්මාතෘ යයි පැවසුව ද නිවැරදි ය) ගුරු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය
නිහාල් වික්‍රමසිංහ (පිටු පස පේළියේ දකුණු පස ම සිටියි) අසල මේ පිරිස
අනුපිළිවෙළින් සිටීම ද ආරම්භක අහම්බයකි.
පාඨමාලාව සැලසුම් කිරීම සදහා පැවැත්වූ මුල් ම
සාකච්ඡා වටවලට සහභාගි වූ මා ද විභාග අධ්‍යක්ෂ
ව සිටි ධර්මකීර්ති මහතා ද ගුරු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ව්‍යාපෘති
නිලධාරිණියක ද ඡායාරූපයේ පෙනී නොසිටීමත්
අහම්බයක් විය හැකි ය.
මේ වැනි 'ආරම්භක
අහම්බ රටා' සහ 'පශ්චාද් සත්‍ය
රටා' අතර පවතින්නට හැකි සම්බන්ධතා ගැන, තවත් සමාන්තර උදාහරණ පදනම් කර ගෙන, පර්යේෂණාත්මක ව සොයා බලා නිගමනයකට ඒම සුදුසු ය.
අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (37) ත්‍රිකුණාමලයේ ශාන්ත මේරි දෙමළ බාලිකා විද්‍යාලය
අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (35) යටතේ සඳහන් වූ ජාතික අධ්‍යාපන ආයතනයේ පර්යේෂණ සහ සංවර්ධන දෙපාර්තමේන්තුව කළ යහපත් ව්‍යවහාර හඳුනා ගැනීම සඳහා වූ පර්යේෂණයේ දී අවධානයට බඳුන් වූ තව පාසලක් වූයේ ත්‍රිකුණාමලයේ ශාන්ත මේරි බාලිකා විද්‍යාලයයයි. උදෑසන පාසලට එන ශිෂ්‍යාවන්, ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයන් හෝ අමුත්තන් දකින විට Good morning යයි පැවසීම නිරීක්ෂණය වූ වෙසෙසි ලක්ෂණයක් විය. එමගින් මානව සම්බන්ධතා පාසල් වියේ සිට ගොඩ නැගීමට පාසල කටයුතු කර තිබුණේ ය.
ත්‍රිකුණාමලයේ ශාන්ත මේරි දෙමළ මාධ්‍ය පාසලේ හඳුනා ගත් යහපත් ව්‍යවහාරවල තව සුවිශේෂ ලක්ෂණයක් වූයේ, නාගරික පරිසරයක පිහිටි පාසලක් වුව ද පරිසරය ගසකොළවලින් අලංකාර වී තිබීමයි. ඔබට දක්නට ලැබෙන ඡායාරූප දෙකින් නිරූපණය වනුයේ පාසලේ අලංකාරවත් ම ස්ථාන දෙකකි. මේ ස්ථාන මොනවා විය හැකි දැයි වැඩමුඵවල දී විමසන විට නිවැරදි පිළිතුර නො ලැබෙන්නේ මෙවන් පරිසර තත්ත්ව ශ්‍රී ලංකාවේ පාසල්වලට නුහුරු නිසා විය හැකි ය.
ගසින් මලින් පිරි මේ ස්ථාන දෙක කුනු රොඩු කරන ස්ථානය සහ පාසලේ වැසිකිළිය යි. පිරිසිදු ව තබා ගත යුත්තේ පාසලෙහි ඉදිරිපස පමණක් නො ව, මිනිස් අවශ්‍යතා සපුරාලන වැසිකිළි සහ කැළිසකල එකතු කරන ස්ථානත් බවට මෙමගින් අපූරු පණිවිඩයක් ලබා දීමට ත්‍රිකුණාමලයේ ශාන්ත මේරි බාලිකා විද්‍යාලයය සමත් ව ඇත.
2003-2004 වර්ෂ වන විට පාසලේ මේ නව්‍ය රටාවේ සංවර්ධනයට දායක ව සිටි කන්‍යා සොහොයුරිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයට මගේ ප්‍රණාමය පළ කරමි.
Subscribe to:
Posts (Atom)




