Thursday 7 June 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (39) පර්යේෂණ ක්‍රම 53ක් ඉංග්‍රීසි අකාරාදි අනුපිළිවෙළට


ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පර්යේෂණ සංස්කෘතියේ ලක්ෂණයක් වනුයේ පර්යේෂණ ක්‍රම සීමිත සංඛ්‍යාවක් පමණක් පර්යේෂණ කිරීම සඳහා පදනම් කර ගැනීම ය. විශ්වවිද්‍යාල තලයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පශ්චාද් උපාධිවල දී ද භාවිත වනුයේ සීමිත පර්යේෂණ ක්‍රම ගණනකි. විශ්වවිද්‍යාලයක දර්ශනපති උපාධි අවශ්‍යතා සඳහා 1975-2013 කාලයේ නිම කළ අධ්‍යාපන පර්යේෂණ නිබන්ධ 189ක අන්තර්ගතය විශ්ලේෂණයෙන් අනාවරණය වූයේ සමීක්ෂණ පර්යේෂණ (59කි) ප්‍රධාන කොට ගත් පර්යේෂණ සම්ප්‍රදායක් පවතින බව ය (1 වන රූපය බලන්න. මූලාශ්‍රය: අධ්‍යාපන පර්යාලෝක, 2016, 5 වන වෙඵම, අංක 1, 84 වන පිටුව). ඉතිහාස පර්යේෂණ 8කි. අනෙකුත් පර්යේෂණ ක්‍රම භාවිතය 5 වරකට වඩා අඩු ය.
ලෝකයේ පර්යේෂණ සාහිත්‍යය අධ්‍යයනය කරන විට හමු වන පර්යේෂණ ක්‍රම සහිත ලැයිස්තුවක් මේ සමග ඉදිරිපත් කරනුයේ අප යා යුතු විවිධ මංපෙත් කොපමණ තිබේ දැයි පෙන්වා දීමට ය.


 

No comments:

Post a Comment