Saturday 4 August 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (63) සංගීතය ලේසි ද?


Kapila Pathirathna යන මුහුණු පොතේ මිතුරා අපූරු සහ නිවැරදි සටහනක්, පහත සඳහන් පරිදි, ස්වකීය පිටුවේ ඇතුළත් කර ඇත.
"සංගීත ගුරුවරුන් මහන්සිවෙලා උගන්නල ප්‍රතිථල වැඩි කර ගත්තම සමහර අය කියන්නෙ ඒ සංගීතය ලේසි නිසා කියලයි.කලාවෙන් කල නොහැකි දේවල් විද්‍යවෙන් කලහැකි වගේම ,,, විද්‍යවෙන් කල නොහැකි බොහෝ දේවල් කලාවෙන් කල හැකි බව ද දන්නේ බුද්ධිමතුන් පමණකි........."
මේ වැදගත් අදහස සනාථ කිරීමට උදව් වන පොතක් ගැන විස්තර අන්තර්ජාලයෙන් සොයා ගතිමි. ඒ ගැන ඇති කෙටි හැඳින්වීම මෙහි ඇතුළත් කරන්නේ විවිධ පාසල් විෂය පිළිබඳ ව අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ශ්‍රී ලාංකික මිත්‍යා මත, දශමයකින් හෝ අඩු වනු ඇතැයි සිතමිනි.
"The Origins of Musicality යන පොත සංස්කරණය කළ Henkjan Honing යනු සංගීත ප්‍රජානනය (Music Cognition) පිළිබඳ මහාචාර්යවරයෙකි. ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයයේ සේවය කරයි.
සංගීතය නිර්මාණය කිරීමට, රස විඳීමට සහ සංජානනය කිරීමට ඇති ශක්‍යතාව පිළිබඳ අන්තර්විෂයය පර්යාලෝක හඳුනා ගැනීමට විවිධ ලේඛකයන් අතින් ලියැවුණු ලිපි සමූහයකින් කෘතිය සමන්විත ය. ජීවවිද්‍යාව, සංගීතවිද්‍යාව, ස්නායුවිද්‍යාව, ජානවිද්‍යාව, පරිගණකවිද්‍යාව, මානවවිද්‍යාව, මනෝවිද්‍යාව, වැනි විවිධ විද්‍යා ක්ෂේත්‍රවල විද්‍යාඥයයෝ සංගීතය යනු කුමක් සඳහා ද? සෑම මානව සංස්කෘතියක ම සංගීතය ඇත්තේ ඇයි? සංගීතය යනු සුවිශේෂී වූ මානව ශක්‍යතාවක් සහිත දැයක් ද? සංගීතයට පදනම් වන ජීවවිද්‍යාත්මක සහ ප්‍රජානන යාන්ත්‍රණ මොනවා ද? යන ප්‍රශ්න කෘතියේ ලිපිවලින් සාකච්ඡා කර ඇත.
පර්යේෂණ අනුව සෑම මනුෂ්‍යයෙක් ම භාෂාවට මෙන් ම සංගීතයට ද ළැදිකමක් දක්වයි. අපට තනුවක් ගැයීමට නො හැකි වුණත් අපට සංගීතය නො හැකි යයි සිතුවත්, අප සැමට සංගීතය සංජානනය කිරීමටත් රස විඳීමටත් පුඵවන.
කෘතියට ලිපි ලියූ ලේඛකයෝ සංගීතය පිළිබඳ පර්යේෂණ වැඩසටහනක් රාමුගත කර ඇත. එහි දී අවධාරණය කර ඇති පැති මෙසේ ය.
සංගීතයේ පරිණාමනය අධ්‍යයනය කිරීමේ දී මුහුණ පාන ගැටලු
සංගීත මූලධර්ම-සංරෝධක-මූලාරම්භය පිළිබඳ න්‍යාය
විවිධ සංස්කෘති හරහා-වර්ග හරහා -මාන හරහා යන පර්යාලෝක අනුව සංගීත විද්‍යාව සමාලෝචනය
සත්ත්ව සංගීතය සහ නිර්මාණාත්මක භාවයට සම්බන්ධ පරිගණක මොඩල සාකච්ඡා කිරීම
සංගීත විද්‍යාව අධ්‍යයනය කිරීමේ ඓතිහාසික සන්දර්භය
සංගීතයට සම්බන්ධ මූලික ස්නායු ප්‍රජානන යාන්ත්‍රණය (සත්ත්වයන්ට සහ මිනිසුන්ට අදාළ)
සංගීතයේ ජීවවිද්‍යාත්මක පදනම නිරූපණය කරන සංගීත රූපානුදර්ශ (phenotypes) විශ්ලේෂණය සදහා ක්‍රමයක් සංවර්ධනය කිරීම"
 

No comments:

Post a Comment