Saturday 4 August 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (61) ගිනිකන්ද පාමුල සිට (At the Foot of the Volcano): දකුණු අප්‍රිකාවේ විශ්වවිද්‍යාලයක උගැන්වීම පිළිබඳ ප්‍රත්‍යවේක්ෂණ


1.      අන්තර්ජාලයේ ඇති කරුණු අනුව, සුසාන්  ලෙවිනේ (Susan Levine) විසින් සංස්කරණය කරන ලද කෘතියේ ලිපි‍ 11කි. 2018 දී නිකුත් වූ කෘතියකි. කෘතියේ පිට කවරය නිර්මානාත්මක ය. එහි පොතේ මාතෘකාව සහ අනුමාතෘකාව සදහන් ව ඇති අයුරු ද වර්ණ සංකලනය ද අපූරු ය.
2.      දකුණු අප්‍රිකාවේ උසස් අධ්‍යාපනය පිළිබඳ ව දැඩි ලෙස මහජන අවධානය යොමු වන අවධියක, "ගිනිකන්ද පාමුල සිට" යන කෘතිය නාභිගත වනුයේ, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සාමාන්‍ය පුරවැසියන් ලෙස ජීවිතය ගත  කළ ආකාරය විශ්ලේෂණය කිරීමටයි. ලිපි සැපයූ කථිකාචාර්යවරු, ප්‍රධාන වසයෙන්, කේප්ටවුන් විශ්වවිද්‍යාලයයේ සේවය කරති.  දකුණු අප්‍රිකාවේ අනාගතයේ බිහි වීමට නියමිත විද්‍යාඥයන්, සෙෘඛ්‍ය සේවකයන්, සමාජ විද්‍යාඥයන්, කවියන්, රචකයන්, සංගීතඥයන්, නගර නිර්මාණකරුවන්, මානව විද්‍යාඥයන් සහ රසායන විද්‍යාඥයන් උත්තේජනය කිරීමේ ලා පවතින උනන්දුව ප්‍රකාශ කරන ලිපි පෙළක්  ලෙස කථිකාචාර්යවරුන්ගේ අදහස් ගොනු ව ඇත.
3.      සමාජයක අවිනිශ්චිත කාලවල, පාඨමාලා අන්තර්ගතය සදහා සර්ව රෝග නාශක ඔෘෂධයක් ලෙස, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (Information and Communication Technology), බොහෝ විට ඉදිරිපත් කරනු ලැබේ. කෘතිය යෝජනා කරනුයේ, පහත සදහන් කරුණුවලට පූර්ණ විකල්පයක් ලෙස, තාක්ෂණ නවීකරණයට (technological innovation) පැවතිය නො හැකි බවයි.    
·         ශිෂ්‍යයන් සමඟ සම්බන්ධතා ගොඩ නැඟීමේ දී
·         ඒ ඒ විෂය ක්ෂේත්‍ර පිළිබඳ ව ළැදිකම මඳින් මද වැඩිකිරීමේ ලා පවතින මාර්ග සෙවීමේ දී
·         උසස් අධ්‍යාපන ආයතනවල දැනට පොදුවේ දක්නට ඇති දේශපාලන පරිසයේ ව්‍යූහාත්මක අසමානතාව තහවුරු කිරීමට පදනම් වන මූලාශ්‍රය අවබෝධ කර ගැනීමේ දී
4.      පරිච්ඡේද කිහිපයක සදහන් වැදගත් අදහස් කිහිපයක් මෙසේ ය.
·         මම පන්තිකාමරය දකිනුයේ අතපය දඟලන සහ ක්‍රියාකාරිත්වය පණ ගන්වන පරිශ්‍රයක් ලෙස ය.   'I view the classroom as a site of struggle and for activism. – Zimitri Erasmus'
·         අභියෝග කරන්න... එහෙත්... එකිනෙකා භේද වීම යන හැඟීම කිසිවකුටත් ඇති නො වන පරිදි ආරක්ෂාව සහ විශ්වාසය පිළිබඳ සංවේදනා නිර්මාණය කරන්න. '...challenge...but...create a sense of safety and trust in which nobody feels estranged.' – Hedley Twidle'
·          ඉගෙනුම යනු අදාළ සහ නියැළි සිටීමේ ක්‍රියාවලියක් විය යුතු ය.    '...learning must be a relevant and engaged process.' – Shose Kessi'

5.      කෘතියේ පරිච්ඡේද, ලේඛකයන්ගේ විශේෂඥතා ක්ෂේත්‍ර සමඟ මෙසේ ය.
·         Introduction: Passion for the art of teaching Susan Levine (Anthropology)
·         1 Critical pedagogy: An art hoping to ‘make new people’?
Zimitri Erasmus (Sociology)
·         2 Over the freeway
Peter Anderson (English Language and Literature)
·         3 Thirteen ways: Teaching writing, creative and otherwise
Hedley Twidle (English Language and Literature)
·         4 The road to distinguished teaching at a world-class African university
Anwar Suleman Mall (Medical Biochemistry)
·         5 Crossing the city: Pedagogies beyond the classroom
Sophie Oldfield (Geography and Urban Studies)
·         6 Kindling fires: Reflections on the journey of a chemistry teacher
Bette Davidowitz (Chemistry)
·         7 Reflections on teaching critical anthropology in physiotherapy
Helen Macdonald (Anthropology)
·         8 Engaged scholarship: Bridging the gap between academia, activism and lived experience
Shose Kessi (Psychology)
·         9 Teaching voice: Building artistry through teacher–student collaboration
Brad Liebl (Music)
·         10 Lessons from the heart
Steve Reid (Primary Health Care)
11 ‘Looking beyond the microscope’: Rethinking pedagogy for health science students learning medical anthropology Susan Levine and Helen Macdonald (Anthropology

No comments:

Post a Comment