Thursday 7 June 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (46) කෘතියක මුල මැද අග අඟවන සංකල්ප සහ ලෝකය

John D. Couch ( ඇපල් සමාගමේ අධ්‍යාපනය පිළිබඳ පළමු වන උප සභාපති), Jason Towne සමග ලියූ Rewiring education: How technology can unlock every student's potential (අධ්‍යාපනයට නව විදුලි රැහැන් ඇදීම: තාක්ෂණයට සෑම ශිෂ්‍යයකුගේ ම ශක්‍යතාව මුදාලිය හැක්කේ කෙසේ ද) යන කෘතියේ 'හැඳින්වීම' යන පළමු පරිච්ඡේදය ආරම්භයේ උපුටා දක්වා ඇති ලියවැල් අලංකරණයක් (Vignette) මෙසේ ය.

සෑම පාසලක ම හුදෙක් එක පරිගණකයක් තිබුණේ නම් සමහර දරුවන් එය සොයා ගනු ඇතැයි මම සිතුවෙමි. එය ඔවුන්ගේ ජීවිතය වෙනස් කරනු ඇත. -- ස්ටීව් ජොබ්ස්
අනතුරු ව පළමු පරිච්ඡේදයෙහි ඇති පළමු වන ඡේදය මෙසේ ය.
"1950
දශකයේ මා ලොකුමහත් වන විට, පාසල් විෂයමාලාව මුඵමනින් ම නාභිගත ව තිබුණේ කටපාඩම් කර ගැනීම කෙරෙහි ය. අප කළ කාර්ය, අදාළ හෝ නිර්මාණාත්මක හෝ සහයෝගි හෝ අභියෝගාත්මක නො වූ අතර, කෙටිකාලීන ව මතක් කර ගැනීමට වඩා මඳක් වැඩි ඉලක්කයක් සඳහා අවශ්‍ය වූ තොරතුරු පරිභෝජනයක් පමණක් සිදු විය. ඉගෙන ගත යුතු වූ දේවල් කඵ හො සුදු විය (හෙවත් හොඳ හෝ නරක විය). එක්කෝ අපි කරුණු කටපාඩම් කර ගත්තෙමු; නැත හොත් කටපාඩම් කර නොගත්තෙමු. තොරතෝංචියක් නැති ව, නිරන්තර ව ලබා දුන් සම්මත පරීක්ෂණවලින්, අප ව විනිශ්චය කෙරිණි; අපට ලේබල් ඇලවිණි; අප ව තේරිණි සහ අපේ අනාගතය අනාවැකි කෙරිණි. මේ ක්‍රියාවලිය අනුව අප කෙතරම් අන් අයගේ සිත් ගන්නා ස්මාර්ට් අය වේ ද? යනු ද තේරුම් ගත්තෙමු. "
පරිච්ඡේද 15න් සමන්විත කෘතියේ මැද 8 වන පරිච්ඡේදය ඇරඹෙනුයේ පහත ලියවැල් අලංකරණයෙනි.
මා කවදාවත් මගේ ශිෂ්‍යයන්ට උගැන්වූයේ නැත.
මම ඔවුන්ට ඉගෙන ගත හැකි වටපිටාව සැපයීමට පමණක් උත්සාහ කළෙමි.
--
ඇල්බර්ට් අයින්ස්ටයින්
ජෝන් ඩුවි ඉදිරිපත් කළ ව්‍යාපෘති පාදක ඉගෙනුම (Project-based learning) වෙනුවට, අභියෝග පාදක ඉගෙනුම Challenge-based learning) සංවර්ධනය වූ අයුරු 8 වන පරිච්ඡේදයේ විග්‍රහ වන්නේ ය.
දැන් අවසන් පරිච්ඡේදයේ අවසන් ඡේදය බලමු.
"
නිදහසේ ලබා ගත හැකි අන්තර්ජාල සම්පත් වන Change. org වැනි පෙත්සම් වෙබ් අඩවි හා Twitter සහ Facebook යන සමාජ මාධ්‍ය වේදිකා භාවිතයෙන්, තනි පුද්ගලයකු ලෙස ඔබට, රාජ්‍ය මට්ටමින් ද පළාත් මට්ටමින් ද ප්‍රදේශීය මට්ටමින් ද පාසල් මට්ටමින් ද සැබෑ වෙනසක් ඇරඹුමට බලය ඇත. අන්තර්ජාලය සහ සමාජ ජාල පුපුරා යාම නිසා, මෙතෙක් 'සාමාන්‍ය හෝ නොවැදගත්' ලෙස සැලකුණු පුද්ගලයන්, ඉතිහාසයේ කවදාවත් වූවාට වඩා, ක්‍රමානුකූල ලෙස බල ගන්වා ඇත. ඒ සදහා හුදෙක් කළ යුතු වනුයේ තනි මාපියකු, ගුරුවරයකු, ක්‍රියාකාරිකයකු ලෙස අන්තර් ජාලයේ පෙත්සමක් පළ කිරීම හෝ ට්වීට්, මුහුණු පොත්, ඉන්ස්ටර්ග්‍රැමි මගින් අදහසක් පළ කිරීම ය. එමගින් සිද්ධි දාමයක් ඇරඹීමට ඔබට ශක්‍යතාව ඇති අතර, සිද්ධිදාමයේ ප්‍රතිඵලයක් ලෙස පරිණාමන වෙනසකට ද මග පෑදෙනු ඇත. එහෙත් එය ඇරඹෙනුයේ ඔබගෙනි. මහත්මා ගාන්ධි පැවසු පරිදි "ලෝකයේ ඔබ දකින්නට කැමති වෙනස පළමු ව ඔබගෙන් නිරූපණය කරන්න". අධ්‍යාපනය නව ශෛලියකින් ගෙත්තම් කිරීම සඳහා වන වර්ධනය වන ව්‍යාපාරයේ පාර්ශ්වකරුවකු වන්නැයි ඔබ ව පොලඹවමි. සංවාදයට සහභාගි වන්න. ඔබ දකින්නට කැමති වෙනස ඔබෙන් නිරූපණය කරන්න."






No comments:

Post a Comment