අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (4) ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්නයක් ගැන පර්යේෂණයක් කරමු
ඉන්දු සිල්වා මට එවූ පහත සදහන් ඇමුණුම ගැන පර්යේෂණ ගණනාවක් කළ හැකි ය. මේ උත්තර පත්තරය ගැන අහන්න පුඵවන් පර්යේෂණ ප්‍රශ්න පහක් මෙසේ ය.
1) ප්‍රශ්න පත්‍රය සකස් කළ තැනැත්තා වැරදි කීයක් සහිත ව ප්‍රශ්න පත්‍රය හදා තිබේ ද?
2) උත්තර පත්‍රය ලියූ ශිෂ්‍යයා කෙතරම් වැරදි කර තිබේ ද?
3) උත්තර පත්‍රයෙන් ශිෂ්‍යයාගේ නිර්මාණාත්මක බව මතු වේ ද? (මේ කරුණ ප්‍රශ්නයෙන් අපේක්ෂා නො කළත්)
4) උත්තර පත්‍රය ගැන තම අදහස් දක්වන කෝසල කෝරලගේ හෝ දිනූෂගේ අදහස්වල ස්වභාවය කෙබදු ද?
5) ප්‍රශ්න පත්‍ර පිළිබද අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රතිපත්තිය කෙබදු ද?
ප්‍රශ්න පත්‍රය සකස් කළ තැනැත්තාගේ සිංහල භාෂා වැරදි නම්
අ) -වාක්‍යයකට- කියූ පසු ඊට පෙර -එක්- කියා කීම අවශ්‍ය නැත. -වාක්‍යයකට- යනුවෙන් කීම සෑහේ. ආ) වචන යනු කතා කරන දෑ ය. ලියනුයේ පද ය. එහෙයින් -පද හතරක්වත්- ලෙස නිවැරදි විය යුතු ය. ඇ) -ව- යනු නිපාතයක් නිසා ඈත් කළ යුතු ය. එහෙයින් ඇතුළත්ව යනු වැරදි ය.
ඈ)- වනසේ- යනු -වන සේ- ලෙස පද දෙකක් විය යුතු ය.
ඉ) ඇතුළත් ව යන පද දෙකට පසු කොමාවක් තිබිය යුතු ය. . --උක්ත ආඛ්‍යාත සම්බන්ධය නිවැරදි වන සේ, වාක්‍යයකට පද හතරක්වත් ඇතුළත් කර, වැකි තුනක් ලියන්න-- නැත හොත් වාක්‍ය දෙකක් ලෙස උපදෙස ලිවිය යුතු ව තිබුණි. මෙසේ ය. (වාක්‍යයකට පද හතරක්වත් ඇතුළත් කර වැකි තුනක් ලියන්න. උක්ත ආඛ්‍යාත සම්බන්ධය නිවැරදි විය යුතු ය.)
2, 3, 4, 5 වන ප්‍රශ්න ගැන කාලය තිබුන හොත් පසු ව ලියන්නම්.
මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න භාවිත කළ හැකි පර්යේෂණ ක්‍රම නම්:
ප්‍රතිපත්ති පර්යේෂණ (Policy research) උදා- ප්‍රශ්න පත්‍ර සකසන අයගේ වැරදි පිළිබද ව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය අධ්‍යයනය කිරීම
සන්ධාර විශ්ලේෂණය (Content analysis) උදා- ඉහත ප්‍රශ්න පහ සන්ධාර විශ්ලේෂණයට අදාළ ය. සංසිද්ධි විද්‍යා පර්යේෂණ ක්‍රම (Phenomenology) උදා- උත්තර පත්‍රය සකසන අයගේ - බලන අයගේ - උත්තර ලියන ශිෂ්‍යයාගේ සහ කෝසලගේ සිතුවිලි වැඩ කරන ආකාරය සෙවීම ය.

No comments:
Post a Comment